සෙලාන් Business Banking මූල්‍ය විසඳුම්


සෙලාන් බැංකුව හඳුන්වා දී ඇති “ව්‍යාපාර බැංකුකරණය” මාර්ගයෙන් ඔබට පුළුවන්, ඔබ ආරම්භ කල නව ව්‍යාපාරය හෝ ඔබ දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය වර්ධනය කරගන්න. ඔබ පවත්වා ගෙන යන්නේ කුමන පරිමාණයේ ව්‍යාපාරයක් වුවද, ඔබගේ මූල්‍ය අවශ්‍යතා වලට සරිලන උපාය මාර්ගික විසදුම්, අසම සම ප්‍රතිලාභ සමඟින් අප ඔබට ලබාදෙන්නෙමු.  

ඔබට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ 

  • ගිණුම් සම්බන්ධතා කළමණාකරුවෙක් 
  • නොමිලයේ Branded චෙක් පොත් 
  • තැන්පතු චෙක් පත් අගරු ගාස්තු අය නොකෙරේ 
  • දේශීය විදේශීය බැංකු අණකර ගාස්තු අය නොකෙරේ 
  • තවත් ප්‍රතිලාභ රැසක් 

ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය ඉහල නංවන පහසුකම් රැසක් 

  • Business Banking ඩෙබිට් කාඩ්පතක් 
  • අන්තර්ජාල බැංකු පහසුකම් 
  • Paydirect - Online මාර්ගයෙන් වැටුප් සහ වෙනත් ගෙවීම් විසඳුම් 
  • Merchant Portal - අන්තර්ජාල ගනුදෙනු සඳහා බහුවිධ ගෙවීම් විසඳුම්  
  • IPG - අන්තර්ජාල ගනුදෙනු වලට ගෙවීම් ලබාගැනීමේ විසඳුම් 
 

ඔබේ ව්‍යාපාරයේ ගිණුම් ශේෂය මත මූල්‍ය විසඳුම් කාණ්ඩ 03 ක් පවතී.

ඔබගේ ව්‍යාපාරික ගිණුමේ පවත්වාගෙන යායුතු අවම ශේෂයන් කාණ්ඩ
Elite Prime Plus
ජංගම ගිණුමේ සාමාන්‍ය මාසික බැර ශේෂය (රු.) මිලියන 5  හෝ ඊට  වැඩි 500,000 සිට 4,999,999 දක්වා 200000 සිට 499999 දක්වා
ඉතුරුම් ගිණුමේ සාමාන්‍ය මාසික හර ශේෂය  (රු.) මිලියන 15  හෝ ඊට  වැඩි 10,000,000 සිට 14,999,999 දක්වා මිලියන 5  සිට 9,999,999 දක්වා
ආනයන අපනයන මාසික වෙළඳ පරිමාව   (රු.) මිලියන 50  හෝ ඊට වැඩි මිලියන 25  සිට 49,999,999 දක්වා  3,500,000 සිට 24,999,999 දක්වා 
ඔබටම වෙන් වූ ගිණුම් සම්බන්ධතා කළමනාකාරවරයකු ලබා දෙයි ලබා දෙයි -
Branded චෙක් පොත් ලබා දෙයි ලබා දෙයි -
මසකට නොමිලයේ ලැබෙන චෙක් පොත් පොත් 10 පොත් 05 -
තැන්පතු චෙක් පත් අගරු ගාස්තු අය නොකෙරේ අය නොකෙරේ -
දේශීය විදේශීය බැංකු අණකර ගාස්තු අය නොකෙරේ අය නොකෙරේ -
කල් ඉකුත් වීමෙන් පසු මුල් ඇපකරය  ඉදිරිපත් නොකර බැංකු ඇපකර අවලංගු කිරීම අය නොකෙරේ අය නොකෙරේ -
විස්තීරණ චෙක්පත් නිෂ්කාශන සේවාව සඳහා වට්ටම් 75% වට්ටමක් 50% වට්ටමක් -
බැංකු ඇපකර නිකුත් කිරීමේදී දෙනු ලබන වට්ටම් 20% වට්ටමක් - -

 

 

නියමයන් සහ කොන්දේසි 

  • ව්‍යාපාරික ගිණුමේ සාමාන්‍ය ශේෂය අඛණ්ඞව මාස තුනක කාලයක් පවත්වාගෙන යා යුතුය.
  • පෙර මාස තුන තුළ පවත්වාගෙන යායුතු සාමාන්‍ය ශේෂය පැවතියහොත් ගිණුම් කාණ්ඩය තීරණය කිරීමේ තනි අයිතිය බැංකුව සතු වේ.
  • දැනට පවත්වාගෙන යන කාණ්ඩය මත පදනම්ව Branded චෙක් පොත් නිකුත් කරනු ලැබේ.
  • ප්‍රතිලාභ සඳහා මාසික ගාස්තු ආපසු ගෙවීම ඊළඟ මාසයේ දී සිදු කෙරේ
  • ගනුදෙනුකරුවන් ඛණ්ඩනය කිරීමේදී විදේශ මුදල් ශේෂයන් සලකා බලනු නොලැබේ.
  • සෙලාන් බැංකුවේ ඉතුරුම් සහ ජංගම ගිණුම්වල නියමයන් සහ කොන්දේසි අදාළ වේ.
  • පූර්ව දැනුම් දීමකින් තොරව පවතින ප්‍රතිලාභ ක්‍රමය වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට බැංකුවට අයිතිය ඇත.