ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය යෝජනා ක්‍රමය


කෘෂිකර්මය සහ කෘෂිකර්මය පදනම් කරගත් කර්මාන්ත, ධීවර, විසිතුරු මසුන් සහ ජලජීවී වගාව, පශු සම්පත්, සත්ව පාලනය සහ කුකුළු පාලනය, සංචාරක සහ අපනයන සම්බන්ධ ව්‍යාපාර වල අභිවෘද්ධිය උදෙසා ආර්ථික සහ මූල්‍යමය ශක්‍යතාව සහිත ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ණය සැලසුම.

ණය සැලසුම

  • කාන්තාවන් පෙරමුණ ගත් ව්‍යාපාර    - රු.30,000,000/-
  • වාර්ෂික පොලී අනුපාතිකය    - වාර්ෂිකව 14%
  • ආපසු ගෙවීමේ උපරිම කාලසීමාව
  • කාරක ප්‍රාග්ධනය සඳහා මාස 24ක් 
  • වෙනත් ව්‍යාපෘති සඳහා මාස 120ක් දක්වා
  • සුදුසුකම් ලබන අංශ -  කෘෂිකර්මය සහ කෘෂිකර්මය පදනම් කරගත් කර්මාන්ත, ධීවර, පශු සම්පත්, සත්ව පාලනය සහ කුකුළු පාලනය, සංචාරක සහ අපනයනකරුවන්, නිෂ්පාදකයින්, කර්මාන්ත
  • කාන්තාවන් පෙරමුණ ගත් ව්‍යපාර සඳහා ප්‍රතිපාදන - 
  • මූලික ණය මුදලින් 10%ක ප්‍රදානයක්.
  • අදාල පුහුණුවීම් ලබා ඇති ව්‍යවසායිකාවන්ට 10%ක ප්‍රදානයක්.
  • ඌව, සබරගමුව, උතුරු සහ නැගෙනහිර පළාත් වල 

ඉහත ප්‍රතිපාදනය සම්බන්ධ කොන්දේසි -

  • ණය මුදල රුපියල් 750,000ට වඩා වැඩි විය යුතුයි.
  • ව්‍යාපාරයේ හිමිකාරිත්වයෙන් අවම වශයෙන්ඩ 51%ක් පාලනය විය යුත්තේ කාන්තාවන් විසිනි.
  • ව්‍යාපාරයේ හිමිකාරිත්වයෙන් අවම වශයෙන් 20%ක් පාලනය විය යුත්තේ කාන්තාවක විසින් ‍හෝ එහි ප්‍රධාන විධායක නිලධාරී හෝ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හෝ කාන්තාවක් විය යුතු අතර, අධ්‍යක්ෂ මණ්ඩලයක් වේ නම්, ඉන් 30% අවම වශයෙන් කාන්තා සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතු වේ.


සුදුසුකම් ලබන ව්‍යාපෘති

  • නව ව්‍යාපෘති පිළිබඳ කටයුතු ආරම්භ කිරීම්.
  • ව්‍යාපෘති පුළුල් කිරීම්/නවීකරණය කිරීම්.
  • ස්ථිර කාරක ප්‍රාග්ධනය වෙත මුදල් යෙදවීම. 

සුදුසුකම් ලබන වැය කිරීම්

  • ගොඩනැගිලි අලුත්වැඩියාවන් සහ සම්පූර්ණ කිරීම්.
  • යන්ත්‍රෝපකරණ සහ වෙනත් ස්ථාවර වත්කම් මිලදී ගැනීම්.
  • වාණිජ අරමුණු උදෙසා රථ වාහන මිලදී ගැනීම්.
  • ස්ථිර කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන්. 

වැඩි විස්තර සඳහා 0112008888 අමතන්න.